2025 සජිත් ජනාධිපති කරවන්න මම සූදානම්! – චතුර

August 31, 2020 at 8:00 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති කරවීම සඳහා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කරයි.

ඒ සඳහා සිවිල් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන බවද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම් සභාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අනාවරණය කළේය.

චතුර සේනාරත්න මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා සමගි ජනබලවේගයෙන් තරඟ වැද පරාජයට පත්විය.

2015 මෛතීපාල සිරිසේන ජනාධිපති කළේ ද ඔහුගේ සැලසුම් අනුව බව චතුර සේනාරත්න නිතර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස