අපේ පරාජය නිසා රට අවුල් වෙන්න පුළුවන්! – එජාපයෙන් නිවේදනයක්….

August 7, 2020 at 5:50 pm | by emanisa.lk

මෙවර මැතිවරණයේ දී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අබිබවා යාමට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බවත් ඒ නිසා රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවත් එජාපය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ජයග්‍රහණයක් ලබා ඇති බවත් එජාපය විශාල පරාජයක් ලබා ඇති බවත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

රටේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවට ලැබුණේ එජාප ආණ්ඩුව හඳුන්වා දුන් 19 වෙනි සංශෝධනය නිසා බව ද එජාපය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස