අපි හොරු ඇල්ලුවේ නැති නිසා ජනතාව ආණ්ඩුව හොරුන්ටම දුන්නා! – රාජිත

February 26, 2020 at 11:36 am | by emanisa.lk

මේ වන විට එජාප ජවිපෙ පොහොට්ටු ආදී පාක්ෂිකයන් වේගයෙන් අඩු වන බවත් ඒ අවස්ථාව අනුව තීන්දුවක් ගන්නා පරපුරක් බිහිව ඇති බව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

2015 ජනතාව එජාප ආණ්ඩුවක් පත් කළ ද එම ආණ්ඩුව විශාල වැඩ කොටසක් ඉටු කළ ද ජනතාව බලාපොරොත්තු වූ ආකාරයෙන් හොරු නොඅල්ලා හොරු සමග ඩීල් දැමීම නිසා 2019 වසරේ දී එම ජනතාවම තමන්ට දැවැන්ත පරාජයක් අත්කර දුන් බව හෙතෙම පවසයි.

ඊයේ (25) ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස