අපි අනුරලා හිටි ජාතික විධායක සභාව නීති විරෝධියි! දූෂණ විරෝධී කාර්යාලයේ වැඩත් නීති විරෝධියි! – රනිල්

September 5, 2020 at 8:44 am | by emanisa.lk

යහපාලන ආණ්ඩු සමයේදී ජාතික විධායක සභාව ද එහි අනුමැතියට යටතේ පිහිට වූ දුෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදුකළ ඇතැම් ක්‍රියා ද නීතිවිරෝධී බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබේ.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (04) සාක්ෂි ලබාදෙමිනි.

කොමිසම හිටපු අගමැතිවරයාගෙන් විමසා සිටියේ ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් ද යන්නය. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ එය නීතියක් යටතේ ස්ථාපනය නොකළ ආයතනයක් බව ප්‍රකාශ කළේය.

එම නීති විරෝධී සභාවේ සාමාජිකයින් ලෙස තමා ඇතුළුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික මෙන්ම දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව ද ඔහු අනාවරණය කළේය.

“අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ, අල්ලන්න කියපු අයත් නැහැ, ඔක්කොම මාව දාලා ගිහින්.” යැයි ද ඔහු පැවසීය.

මෙම කොමිසම අරලියගහ මන්දිරයේ පවත්වා ගෙන ගිය බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස