අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පනිද්දි විපක්ෂ නායක මහින්ද සද්ද නැතිව හිටියා! මේ ඔක්කොම ඩීල්! – ජවිපෙ

February 22, 2020 at 10:58 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව සහ විපක්ෂය අතර ඇත්තේ ඩීල් දේශපාලනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි.

අනුරාධපුරයේ  පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද පැවසීය.

“පහුගිය කාලේ පුරාවටම මහින්ද කල්ලිය රැක්කේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන දෙන්නා.

දැන් විපක්ෂ නායකකම අහිමි වුණු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ කාර්යාලයක් දීලා, වාහන 8ක් දීලා, ආරක්ෂාවට 200ක් දෙනවා මහින්ද රාජපක්ෂ.

එදා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු යන කොට විපක්ෂ නායක විදිහට මහින්ද එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ.

මේ ඩීල් පොලිට්ක්ස්. රනිල් ඉන්නකල් මහින්ද හා පවුල රැක්කා. දැන් මහින්ද ඇවිල්ලා රනිල් හා යාලුවෝ රකිනවා.”

කෙසේ වුවද එකල විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මිස මහින්ද රාජපක්ෂ නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස