අනේ රැවුල් හයිකරලා රාජිත සුදුවෑන් නාඩගමක් කළා! කිඹුල් මඟුලක් නටලා ජනාධිපතිවරණය කෑවා! – රංජන් …

June 18, 2020 at 9:33 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ හිටපු ඇමති රාජිත සේනාරත්න පුද්ගලයන් දෙදෙනෙකුට රැවුල් සවි කර මගුලක් නැටූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක රංජන් රාමනායක පවසයි.

මේ නාඩගම නිසා සැබවින්ම සුදු වෑන්වලින් ඉස්සු වින්දිතයන්ගේ වේදනාව හෑල්ලුවට ලක් වූ බව ඔහු සඳහන් කරයි.

කිඹුල් මඟුලක් රටට කියා ජනාධිපතිවරණය ප්‍රචාරක ව්‍යාපාරය ද රාජිත සේනාරත්න විනාශ කළේ යැයි රංජන් රාමනායක චෝදනා කරයි.

මහ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් සඳහා එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න ද සමගි ජන බලවේගය යටතේ තරඟ කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

රංජන් රාමනායක මෙම ප්‍රහාරය එල්ල කරන්නේ චතුර සේනාරත්නට බවත් එයට හේතුව මනාප සටන බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස