අදත් අලුතින් ආසාදිතයන් 356ක්! අද සුවපත් පිරිස 595යි! සමස්ත ආසාදිතයන් 14 000 පනී!

November 9, 2020 at 10:21 pm | by emanisa.lk

අද (09) දින කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

මෙ රට දී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 14,285ක් වන අතර ආසාදිතයින් 5,375ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මේ වන විට සුව වූ ගණන 8,880කි.

අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10,803කි.

පසුගිය දින කිහිපයේ ම අලුතින් වාර්තා වන රෝගීන්ට වඩා වැඩි පිරිසක් සුවපත් වීම විශේෂත්වයකි. අද උදෑසන සුවය ලබා පිටව ගිය පිරිස 595කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස