තවත් කොරෝනා ආසාදිතයන් 397ක්! සමස්ත රෝගීන් ගණන 11 000 පනී!

November 2, 2020 at 8:18 am | by emanisa.lk

ඊයේ (01) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 397 දෙනෙකු වාර්තා වූ බව ජාතික බෝ නොවන රෝග විද්‍යාතනය පවසයි.

මේ අතරින් 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර 356 දනෙකු මිනුවන්ගොඩ-පෑළියගොඩ පොකුරට සම්බන්ධ ය.

මේ වන විට ලංකාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් ප්‍රමාණය 11060ක් වන අතර ඉන් 6134ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

4905 දෙනෙකු සුවය ලබා ඇති අතර මිය ගිය පිරිස 21කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස