ඉන්දියානුවන් සුව කළ වෛද්‍ය ඒලියන්තට ඉන්දියානු රජයේ පැසසුම්! ලංකාවේ කොරෝනා මැඩ ඉන්දියාවට යන්න සූදානම්!

November 7, 2020 at 9:15 am | by emanisa.lk

කොරෝනා වෛරසය පාලනය සඳහා ආශීර්වාද කරමින් වෛද්‍ය ඒලියන්ත වයිට් ඉන්දියාවට යවන ලද සාම්පල ලබා දුන් රෝගීන් 63 දෙනා ම සුවය ලබා නිවෙස් වෙත ගිය බව ඉන්දියානු රජය ඔහුට දන්වා තිබේ.

ඉන්දියාවේ ඉල්ලීම මත මෙම සාම්පල ඉන්දියාව වෙත යවා ඇති අතර ඒවා ලබාදුන් 92 හැවිරිදි පුද්ලලයෙකු ද ඉක්මන් සුවය ලැබීම විශේෂත්වයක් බව ඉන්දියානු රජය දැනුම් දී තිබේ.

වැලිකඩ නාවික පොකුර, කන්දකාඩු පොකුර මෙන් ම මිනුවන්ගොඩ-පෑළියගොඩ පොකුර ද ඉක්මනින් පාලනය කිරීම සඳහා තමා ආශීර්වාද කරන බවත් මේ වන විට යහපත් ප්‍රතිඵල ඇති බවත් වෛද්‍ය ඒලියන්ත පවසයි.

මිනුවන්ගොඩ-පෑළියගොඩ පොකුර පාලනය වූ පසු ඉන්දියාවේ ආරාධනය අනුව එ රටට ගොස් ආශීර්වාද කිරීමට තමා බලාපොරොත්තු වන බව ද වෛද්‍ය ඒලියන්ත වයිට් අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස