අතේ සතේ නැතිව දේශපාලනයට පැමිණ වසර කිහිපයකින් ලෝක මට්ටමේ ධනපතියන් වූ දේශාපාලකයන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි ද ඔවුන් ධනපතියන් වූ ආකාරය දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
ශ්‍රී ලංකා කතෝලික සංගමය ඊයේ (09) කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී උන් වහන්සේ මෙම අදහස් දැක්වූහ.