හාමුදුරුවෝ උසාවි යනවාට දුකයි! ඒ නිසා භික්ෂූන්ට වෙනම උසාවි දිනයක් දානවා! සංඝාධිකරණයක් ඕන නෑ! – ඇමතිනි තලතාගේ අරුම පුදුම කතා…

April 9, 2019 at 6:15 pm | by admin

සංඝාධිකරණයක් අවශ්‍ය නොමැති බවත් භික්ෂූන් වහන්සේලා සඳහා වෙනම උසාවි දිනයක් වෙන් කරන බවත් ඇමතිනි තලතා අතුකෝරාළ පවසයි. රත්නපුරයේ පැවැති වැඩසටහනක දී ඇය මේ බව සඳහන් කළාය.

“පන්සිල් ආරක්ෂා කරන්න ඕන නම් අපේ සෝභිත හාමුදුරුවෝ කිවුවා වගේ සංඝාධිකරණ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ හැටියට ඒ නිකාය තුළ ඇති වෙන යම් කිසි දේවල් තියෙනවා නම් ඒවා විසදන්න හැකියාවක් ඒ හැම නිකායක් තුළම ඒ ක්‍රමවේදය ඇති කර ගෙන තියෙනවා. මම කියන්න ඕන පුද්ගලිකව බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ.”

“මම දිවුරුම් දීලා මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගිය වෙලාවේදී මගෙන් ඉල්ලීමක් කලා සංඝාධිකරණය කෙසේ වෙතත් දිනයක් වෙනම වෙන් කරන්න ස්වාමීන් වහන්සේලාට උසාවියට යන්න කියලා .ඒ අනුව අපි පළාත් දෙකක වයඹත් මධ්‍යමත් දිසා අධිකරණවල එක දවසක් වෙන් කරලා තියෙනවා. රත්නපුරේත් ඒක හෙට අනිද්දාම වෙයි.”

“අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න. ඒ විනය ඇති කිරීම මේ සියලුම නිකායන්වල මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලා විසින් බොහොම හොඳට ඇති කරලා තියෙනවා .මම මේ ටික කිවුවේ බුද්ධ ශාසන ඇමතිතුමා මට භාර දුන්නා මෙතනදීම අපේ හාමුදුරුවනේ මේ සංඝාධිකරණය පිහිටුවන්න. අපි කණගාටු වෙන්න ඕන එහෙම තැනකට පත් වුණොත්.”

කෙසේ වුවද භික්ෂූන් වහන්සේලා සංඝාධිකරණයක් ඉල්ලා සිටින්නේ භික්ෂූන් සම්බන්ධ ආරවුල් එමගින් විසඳා ගැනීමට සහ රටේ සාමාන්‍ය උසාවි වෙත යාමෙන් වැළකී සිටීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස