මේ රටේ පොඩි මිනිහාගේ නායකයා සජිත්!

February 5, 2019 at 5:13 pm | by admin

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි

ඇමතිවරිය මෙම අදහස් පළ කළේ බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

“මට වගකීමෙන් කියන්න පුළුවන් මං වගේම සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාත් කවදාවත්ම මේ පක්ෂය පාවා දෙන්නවත් නෑ. මේ පක්ෂය කවදා හරි ජයග්‍රහණය කරවලා රටේ පොඩි මිනිහා වෙනුවෙන් ඉන්න නායකයා එතුමා එහෙම කරන්නේ නැති විත්තිය මට වගකීමක් ඇතිව කියන්න පුළුවන්. එතුමා ගැන කාට හරි එහෙම සැකයක් තියෙනවා නම් ඒ සැකය මං පිළිබදවත් තියා ගන්න කියලා කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *