හදිසි නීතිය වෙලාවේ මගේ ලේකම්ට පොලිස් ඇප දුන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා! – ඇමති මංගල (video)

June 1, 2019 at 1:58 pm | by admin

හදිසි නීතිය ක්‍රියාත්මක වන වාතාවරණයක් තුළ මුදල් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් හසන් අලී මහතා පොලිස් ඇප මත මුදාහැරිම පිළිබඳව තමාගෙන් නොව අදාළ ආයතනවලින් විමසන ලෙස ඇමති මංගල සමරවීර පවසයි.

අහිංසක මුස්ලිම් ජනතාව අල්ලා සිරගෙවල් පුරවා එම ස්ථාන අනාගත ත්‍රස්තවාදීන් බිහිවන ස්ථාන බවට පත් නොකරන ලෙස ද ඇමතිවරයා ඉල්ලා සිටියේය.

හදිසි නීතිය පවතින අවස්ථාවක අත්අඩංගුවට පත්වන පුද්ගලයකුට ඇප ලබා දීමට පොලිසියට නොහැකි වුවත් පතුරන් 100කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් හසන් අලී පැය කිහිපයක් ඇතුළත නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

පවතින නීතිය රට තුල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් තරාතිරම අනුව නීතිය ක්‍රියාත්මක වීම වෙනස්වන බවත් මෙම ක්‍රියාවෙන් පැහැදිලි වන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස