සුදු වෑන් රියදුරන් රාජිත රවට්ටලා! හෘද රෝගියෙක් වන සුවපති අත්අඩංගුවට ගන්න දෙන්න එපා!- රාජිතගේ නීතිඥයා අධිකරණයට කියයි…

December 21, 2019 at 10:28 am | by emanisa.lk

ඇමති රාජිත සේනාරත්න සොයා පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් තමන් සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීම සහ ප්‍රභාකරන්ගේ රත්තරන් තොග කොල්ලකෑමේ සිද්ධි පිළිබඳ තොරතුරු දන්නා බව ප්‍රකාශ කර ඇතැයි රාජිත සේනාරත්න වෙනුවෙන් ඇප ඉල්ලීම සඳහා පෙනි සිටී නීතිඥයා ප්‍රකාශ කළේය.

එහි සත්‍යාසත්‍යතාව නොදත් සිය සේවාදායකයා දේශපාලන තීන්දුවක් මත ඔවුන් මාධ්‍ය හමුවක් වෙත කැඳවාගෙන පැමිණි බව ද ඔහු සඳහන් කළේය.

ඔවුන් දරුණු අපරාධකරුවන් බව තම සේවදාකයා දැන නොසිටි බවත් ඔවුන්ට රුපියල් ලක්ෂ 20 දුන් බව ප්‍රතික්ෂේප කරන බවත් පැවසූ නීතිඥවරයා ඔවුන් අත්අඩංගුවට ගත් හේතු මතම වෙනත් දේශපාලන උවමනා පදනම් කරගෙන රාජිත සේනාරත්න ද අත්අඩංගුවට ගනු ඇතැයි සාධාරණ බියක් ඇතැයි පවසමින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේය.

එසේම 2016 වසරේ රාජිත සේනාරත්න බයිපාස් සැත්කමට ලක් වූ බවත් ඔහු හෘද රෝගියෙක් බවත් සඳහන් කළේය.

කෙසේ වුවද එම ඇප අයඳුම ප්‍රතික්ෂේප කළ අතර අනතුරුව ඇමතිවරයා තවත් ඇප අයඳුමක් යොමු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස