ජනාධිපතිවරණය ඉලක්ක කර ෆේස්බුක් පිටු සොරකම් කරන ජාවාරමක් ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් වාර්තා කරයි.
මෙම කණ්ඩායම ෆේස්බුක් ගිණුම්වලට ඔබගේ පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධියට පත්කර ඇති බවත් ඒවා කිසිවකු දුටුවහොත් පාරට බැසීමට පවා නොහැකි වනු ඇතැයි අනතුරු අඟවමින් ලින්ක් එකක් එවන අතර එයට පිවිස අදාළ පියවර අනුගමනය කළ විට අදාළ ගිණුම ඔබට අහිමි වෙයි.
එම පණිවිඩයේ ඡායාරූපය පහත දැක්වෙන අතර මෙය හෝ මේ හා සමාන උපක්‍රමවලට හසු නොවන මෙන් අන්තර්ජාල විශේෂඥයෝ අවවාද කරති.