සමාජජාලා පියවරු සමාජාජාලා භීතිකාවක් නිර්මාණය කරන්නේ ඇයි?

April 10, 2019 at 7:54 am | by admin

සමාජ ජාල ආරම්භ වන්නේම එක්සත් ජනපදයේ රාජ්‍ය ඔත්තු සේවා ආයතනවල සම්බන්ධය පිළිබද සාධක එක්ක. ගුගල් ෆේස්බුක් වැනි සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල NSA නිලධාරීන් ඉන්න බව එවකට වාර්තා පළ වුණා. ඒ වගේම ඒ කාලයේ බටහිර ප්‍රධාන මාධ්‍යවල ඩාලිං කෙනෙක් තමා සමාජ මාධ්‍ය කියන්නෙ.

මේවා පිහිටු වීමේ දී මුල ඉඳලාම social engineering වලට මේවා යොදා ගැනීමේ අරමුණක් තිබ්බා. විශේෂයෙන්ම ලිබරල් අධිරාජ්‍යවාදයට අවශ්‍ය ආකාරයට මැද පෙරදිග ජාතික රාජ්‍යය බිද දමන්ට arab spring නමැති කැරලි ඇති කරන්ඩ සමාජ මාධ්‍ය හේතු වුණා. අම්මේ ඉතිං ඒ කාලෙනං BBC, CNN එකට එහෙම ෆේස්බුක් කිව්වොත් පජාචංචවාදය. පජාචංචවාදය කිව්වොත් ෆේස්බුක්.

නමුත් දැන් මේ තත්වය වෙනස් වෙලා තියෙනවා. බොහෝ රටවල ජාතිකවාදී කට්ටිය මේ සමාජජජාල මාධ්‍ය ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියලා කපන්ඩ භාවිත කරන බව පේනවා. ට්‍රම්ප් පත් වෙන්ඩ ජාතිකවාදී/කන්සර්වේට්ව් අදහස් ඇති අයගේ යූටියුබ් චැනල් ආදිය ඉවහල් වුණා. බ්‍රේක්සිට් ආදියටත් ෆේස්බුක් යූටියුබ් ආදිය ඉවහල් වුණා.

සමාජජාල කියන්නෙ මිනිස්සුන්ගෙ ඉතිහාසයේ බිහිවෙච්ච ප්‍රබලය ප්‍රකාශන මාධ්‍ය. මොකද ඕනම කෙනෙකුට ප්‍රකාශකයෙක් විය හැකියි. එය මධ්‍යගතව පාලනය කළ නොහැකියි. ඒ නිසා එයට විශාල බලයක් තියෙනවා. දැන් මේකත් එක්ක බොහෝ විට සමාජ මාධ්‍යවල වාරණයක් ක්‍රියාත්මක කරන්ඩ ලිබරල් ගෝලීය අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙනවා.

එක පාරට මේවයින් මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වය නැති වීම ගැන මාර දුකක් ඇති වෙලා. ඔය සෙනට් hearing වලින් අහන්නෙ නෑනෙ මේ සමාජ ජාලවලින් CIA, NSA එක තොරතුරු කොච්චර ගන්නවද කියලා? ඊයේ පෙරේදා යුරෝපා සංගමය සම්මත කරපු කොපිරයිට් පනත්වලින් සමාජ ජාලවලට සහ පොදුවේ අන්තර්ජාලයට විශාල පහරක් එල්ල විය හැකියි.

මේ සියල්ලෙ අරමුණ සමාජජාල යටපත් කරලා මධ්‍යගතව හැසිරවිය හැකි ප්‍රධාන මාධ්‍යවලට යළි ජනමතය හැසිරවීමෙ බලය ලබා දෙන්ඩ. මොකද ලෝකෙම වගෙම ලංකාවෙත් ප්‍රධාන මාධ්‍යවලට ඒ බලය නැති වේගෙන යන්නෙ. බොහෝ දුරට දැනටම නැති වෙලා.

දර්ශන කස්තුරිරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස