නැවතත් ෆේස්බුක් ඇතුළු සමාජජාලා අවහිර කෙරේ…

May 13, 2019 at 7:12 am | by admin

රට පුරා ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජජාලා නැවතත් බිඳ වැටී ඇති බැව් වාර්තා වෙයි. හලාවත, කුලියාපිටිය ඇතුළු රටේ යම් යම් ස්ථානවල සුළු සුළු සිද්ධි වාර්තාවීමත් සමගම ආණ්ඩුව සමාජජාලා අවහිර කර ඇතැයි සිතිය හැකිය.

ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ සමාජජාලවල සංසරණය වන තොරතුරුවලින් 80%ක් පමණ අසත්‍ය බවත් ත්‍රස්තවාදය මර්දනයට ඇති ප්‍රබලතම බාධකය සමාජජාලා බවත්ය.

කෙසේ වුවද මේ ආකාරයට දිගින් දිගටම සමාජජාලාවලට අවහිර කිරීම බොහෝ පාර්ශවවල දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර විශාල පිරිසක් vpn තාක්ෂණය ඔස්සේ සමාජජාලා වෙත පිවිසීමට පුරුදු වී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස