සජිත් රජයේ වාහන 5ක් ඡන්ද වැඩට දාලා! මැකොට පැමිණිලි කරයි…

October 10, 2019 at 2:52 pm | by emanisa.lk

මැතිවරණ නීතිරීති උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ සමඟම අලුතින් ණය ලබාදීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම තුළින් ණය ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් දේශපාලන අල්ලස් ලබාදීමත් සිදුකරගෙන යන බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස