සජිත් ජනාධිපති අපේක්ෂකයා නොකළොත් එජාපය දෙකඩවීම ස්ථිරයි! මැති ඇමති පිරිසක් දේශපාලනයෙන් සමුගන්නත් සූදානම්!

August 26, 2019 at 8:31 am | by emanisa.lk

මේ මස තිස්වෙනිදා වනවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් දැඩි තීන්දු තීරණ ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ පවසයි.

රත්නපුර ගොඩකවෙල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

මේ මස 30 වැනිදා යනු තීරණාත්මක දිනයක් බවත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී පිරිසක් දේශපාලන දිවියෙන් සමුගැනීමට වුවත් ඉඩ ඇති බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස