ධම්මිකලා වගේ මුදලාලිලාට ජනාධිපති අපේක්ෂකත්වය නෑ! ඔරිජිනල් යූඇන්පීකාරයෙක් ජනාධිපති කරනවා! – හේෂා විතානගේ (video))

May 26, 2019 at 9:53 pm | by admin

එක්සත් ජාතික පක්ෂයට නායකයන් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ රටේ නැවත එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් ලෙස බිහිවන්නේ ඔරිජිනල් යූඇන්පීකාරයකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මේ දිනවල සමාජජාලවල එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා ධම්මික පෙරේරා නම් මුදලාලියකු බවට ප්‍රචාරයක් ගෙන යන සඳහන් කළ මන්ත්‍රීවරයා නැවත මුදලාලිලාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන බව අවධාරණය කරයි.

හේෂා විතානගේ ඇමති සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු යැයි කියන්නෙකි.

කෙසේ වුවද මහජන ඡන්දයෙන් එජාප ජනාධිපතිවරයෙක් අවසාන වතාවට තේරී පත්ව ඇත්තේ 1989 වසරේය. 2005 ජනාධිපතිවරණයට පසු එජාපයට සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පවා නොහැකි විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස