සජිත් කියන්නේ කිසිම හැකියාවක් නැති මැටි ගොඩක්! ඔහු ජනපති කරලා වැඩේ වරද්ද ගන්න එපා! – ජවිපෙ

November 13, 2019 at 5:32 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස දවස් 45ක් තුළ දෙවරක් කට වරද්දාගෙන සමාව ඉල්ලා ඇති බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

ඊයේ (13) බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න මෙසේ පැවසීය.

“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණ ප්‍රධාන අපේක්ෂයන් තුන්දෙනයි, අනෙක් අය වැඩක් නෑ. මේ තුන්දෙනා අතරින් මේ රට ගොඩ ගැනීමට දැක්මක් හැකියාවක් දැනුමක් ඇත්තේ කවුරුන්ගාව ද යන්න බලන්න.

සජිත් කියන්නේ හැකියාව තියෙන මිනිහෙක් නෙමෙයි. ගෝඨා කියන්නේ හැකියාව තියෙන් මිනිහෙක් නෙමෙයි. සජිත් කියන්නේ මැටි ගොඩක්.

කල්පනාකරලා බලන්න මේ ජනාධිපතිවරණයේ දී ඡන්ද ව්‍යාපාරයෙදී මේ වෙනකොට කට වැරදිලා දෙපාරක් සමාව අරන් තියෙනවා. “ශ්‍රී මුඛය“ වැරදිලා දෙපාරක් සමාව අරන් තියෙනවා. කට දෙපාරක් වැරදුනා නම් මාස එකහමාරක් යනකොට ජනාධිපති වුණොත් වැඩ කරනකොට කී පාරක් වරදීද?

ඒ වැරදිවලට සමාව අරන් වැඩක් නෑ. ඒවා ජීවිතවලින් වන්දි ගෙවන වැරදි වෙන්න පුළුවන්. රට වැනසෙන වැරදිවෙන්න පුළුවන්, ඒ නිසා වරද්ද ගන්න එපා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස