සජිත්ගේ නිවාස ව්‍යාපෘති තිත්ත ඇත්ත මෙන්න! උදාගම්වල නොමිලේ නිවාස දෙන කතා බොරු! බොන්න වතුර පොදක් නෑ! හදපු ගෙවල්වල බලු බල්ලෙක් නෑ! (Video)

October 17, 2019 at 4:07 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාස උදාගම් ව්‍යාපෘතිය යටතේ ලබා දුන් නිවසක් ලබා ගැනීම නිසා තමන් කබලෙන් ළිපට වැටී ඇති බව එම ගම්මානවල පදිංචි ජනතාව පවසති.

මෙම නිවාස ලබා දී ඇත්තේ ලක්ෂ 4ක ණය මුදලකට වන අතර සෑම මසකම 25 වෙනිදා නිවාස සංවර්ධන අධිකාරියෙන් අදාළ වාරිකය රැගෙන යාමට නිලධාරීන් පැමිණෙන අතර නිලධාරියකු ගමට එන එකම අවස්ථාව එය බව ද ඔවුහු පෙන්වා දෙති.

ඇතැම් අවස්ථාවල නොමිලේ නිවාස ලබා දෙන බව පවසා ජනතාව රවටා ඇති අතර බොහෝ දෙනෙකු එම නිවාස අතහැර ගොස් ඇති නිවාස ව්‍යාපෘති කැලෑබත් වෙමින් විනාශයට පත්වෙමින් තිබේ.

2016 වසරේ ඉදිකළ නිවාස ව්‍යාපෘති සඳහා තවමත් ජලය නොමැති අතර කිසිදු රාජ්‍ය නිලධාරියකු මෙම ගම්මාන වෙත පැමිණෙන්නේ නැත. සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතිය නිසා තමන් සිටි තැනින් ද පහළට වැටුණු බව ජනතාව පවසන්නේ මහත් කනගාටුවෙනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස