සජිත්ගේ ජනපති සටනට මෙහෙයුම් කමිටුවක්! කමිටු ප්‍රධානියා බාකිර් මාර්කර්! පක්ෂ යාන්ත්‍රණය කබීර් සහ අකිල යටතට!

September 7, 2019 at 5:50 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා එම පාර්ශවය මේ වන විට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාර්කර් ද කාර්ය මණ්ඩල ප්‍රධානීන් ලෙස නීතිඥ රවී ජයවර්ධන සහ සිතේන්ද්‍ර සේනාරත්න පත් කිරීමට ද යෝජනා වී ඇත.

මැතිවරණය අවස්ථාවේ පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවීම සඳහා පක්ෂ සභාපති කබීර් හෂීම් සහ මහ ලේකම් අකිල විරාජ් පත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විටත් එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතියි. කෙසේ වුවද ඇමති සජිත් ප්‍රේමදාසට මෙතෙක් එජාප ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් ලැබී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස