ශාන්ත බණ්ඩාර වගේ පීචං වැඩ මම කරන්නේ නෑ! – ලක්ෂ්මන් යාපා

September 7, 2019 at 5:28 pm | by emanisa.lk

තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ ශ්‍රීලනිපය ගැටලු මතු කළ ද ඒ සඳහා මුහුණ දෙනු මිස තවත් අයකු පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමේ උවමනාවක් තමාට නැතැයි හෙතෙම පවසයි.

චන්ද්‍රසිරි ගජදීරගේ අභාවය සමග හිස් වන මන්ත්‍රී ධුරය සඳහා පැමිණීමේ අදහසක් ඇද්දැයි මාධ්‍යවේදියකු විමසූ විට මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

2015 මහා මැතිවරණයේ දී ලක්ෂ්මන් යාපා පරාජයට පත් වුවද පරාජිත ලැයිස්තුවේ වැඩිම මනාපලාභියා ඔහුය. එහෙත් ජාතික ලැයිස්තුවෙන් ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත් කෙරිණි.

කෙසේ වුවද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වූ විට මනාප ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා වූ ශාන්ත බණ්ඩාර සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඒ ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු එන බව පවසමිනි. එහෙත් ඔහුගේ අවශ්‍යතාව වූයේ ඔහු ළඟට සිටින වැඩිම මනාපලාභියා පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස