ශ්‍රී ලංකා හමුදාව සිය මානුෂීයභාවය නැවතත් රනින් ලියයි! නැවේ සිටි ශ්‍රී ලාංකිකයාට අමතරව හදවත් රෝගී ජර්මන් කතත් රටට ගනී!

April 6, 2020 at 6:01 pm | by emanisa.lk

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයා විසින් සමාජ මධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (06) නාවික හමුදාව කටයුතු කළේය.

මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුළ අනතුරට හෝ හදිසි තත්ත්වයන්ට මුහුණපාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්ත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය.

ගොඩබිමට රැගෙන ආ මෙම කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස