ශ්‍රීලනිප සහාය නැතිව අපට දිනන්න බෑ! ජනාධිපතිතුමාගේ සහය සජිත්ට විතරයි!- ඇමති අශෝක් අබේසිංහ

August 4, 2019 at 11:20 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පූර්ණ සහයෝගය එජාපයට ලබා දීමට කැබිනට් මණ්ඩලයේදී සහතික වූ බව ඇමති අශෝක් අබේසිංහ පවසයි.

එහෙත් ඒ සඳහා එජාපයේ පූර්ණ වෙනසක් විය යුුතු බවත් නව අපේක්ෂකයෙක් පත්කරගත යුතු බවත් අවධාරණය කළේ යැයි ද ඇමතිවරයා පවසයි.

ජනාධිපතිතුමා බලාපොරොත්තු වන්නේ ඇමති සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා දීම බවත් ඔහුට ශ්‍රීලනිපයේ සම්පූර්ණ සහයෝගය හිමි වනු ඇති බවත් පැවසූ ඇමතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රීලනිප සහාය නොමැතිව එජාපයට ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බවය.

මැණික්හින්න ගණදෙවි කෝවිලේ අද (04) පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස