ශ්‍රීලනිපය තවත් පක්ෂයක අතකොළුවක් වෙන්න දෙන්නේ නෑ! පක්ෂය ශක්තිමත් කර යළි ගොඩනඟන්න මම සූදානම්! – චන්ද්‍රිකා

August 19, 2019 at 12:25 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කොට යළි ගොඩනැගීමේ වගකීම තමන් භාරගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී ඇත.

ඉකුත් 15 වැනිදා ශ‍්‍රී ලනිප මූලස්ථානය වෙත පැමිණ ඇති කුමාරතුංග පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමු වී මේ බැව් සඳහන් කර ඇති අතර පක්‍ෂය තවත් පක්‍ෂවල අතකොළුවක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු බවද සඳහන් කර තිබේ.

ඉදිරි සතියේ සිට ශ‍්‍රී ල. නි. පක්ෂය ගොඩනැගීමේ කටයුතුවලට ක‍්‍රියාකාරීව දායක වන බවත් ඒ සඳහා පක්‍ෂ මූලස්ථානයේ වෙනම කාමරයක් තමන් සඳහා වෙන් කරන ලෙසත් ඇය නිලධාරීන්ට දැනුම් දී ඇත.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායකත්වය ලබාගත් මහින්ද රාජපක්‍ෂට විරුද්ධව විනය ක‍්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධව පක්‍ෂයේ මහ ලේකම්වරයාට චෝදනා එල්ල කර ඇති චන්ද්‍රිකා කුමාරතුංග වහාම ඒ සඳහා පියවර ගන්නා ලෙසද සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල ඇතුළු පක්‍ෂ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සහභාගී වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස