ශ්‍රීලනිපය කියන විදිහට පොහොට්ටුව වෙනස් කරන්නේ නෑ! ජනාධිපතිවරණයේ දී අපි ඡන්ද ලක්ෂ 70ක් ගන්නවා! – පොදුජන පෙරමුණ

September 10, 2019 at 12:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලකුණ පොහොට්ටුවම බවත් එය වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පැවැසීය.

ඊයේ (09) අදට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර කියන විදිහට පොහොට්ටුවේ ලකුණ වෙනස් කිරීමට අවශ්‍යතාවක් නෑ. ජනාධිපතිවරණයේදී ලක්ෂ 70ට වැඩියෙන් ඡන්ද ලබා ගැනීමේ ජනතා ආකර්ෂණයක් අපට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ එක් පක්ෂයක්. ඒ පක්ෂය කියන විදිහට ලකුණ වෙනස් කිරීමට කොහොමටවත් අවශ්‍යතාවක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස