ශ්‍රීලංකන් 2017 කල්පැනපු බඩු අරන්! පාඩුව ලක්ෂ 272යි!

October 30, 2019 at 12:53 pm | by emanisa.lk

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන් ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට පැමිණිලි කර තිබේ.

එම සංගමයේ නියෝජිතයෝ අදාළ පැමිණිල්ල පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති වෙත ලිඛිතව භාර දුන්හ.

ආයතනය දැවැන්ත පාඩුවකට මුහුණ පා සිටින වකවානුවකදී ඉහළ කළමනාකාරිත්වය සඳහා මෙතෙක් ආයතනය තුළ නොපැවති අලුත් තනතුරු නිර්මාණය කිරීමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සිය පැමිණීල්ලෙන් චෝදනා කර සිටිති.

මෙම පත්කිරීම් හේතුවෙන් සමාගමේ පාඩු ලැබීමේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවද පැමිණිල්ල මගින් ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස