විනාඩි 9 කොටුවට යන බෝට්ටු සේවය ඇරඹෙයි! පළමු මාසයේ ගමන නොමිලේ!

August 22, 2019 at 12:20 pm | by emanisa.lk

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද (22) උදෑසන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබන අතර පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතය.

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවාව තුළින් මිනිත්තු 09-10 අතර කාලයකින් කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කළ හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස