වැරදි කළ නිසා 94 ගෙදර යැවූ අය 2015 නැවත බලයට ගෙනාවා! වසර 21කට පසු ඔවුන් පාරිශුද්ධ වෙලා! – අනුර දිසානායක

September 15, 2019 at 6:54 pm | by emanisa.lk

ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය සහ වංචා දූෂණ නිසා 1994 බලයෙන් පහ කළ පිරිස නැවත 2015 එම ගැටලු විසඳීමට බලයට ගෙන ආවේ යැයි ජවිපෙ නායක ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

මෙම ගැටලු විසඳීමට 1977 බලයෙන් පහ කළ පිරිස නැවත 1994 බලයට පත් කළ බවත් හෙතෙම පවසයි.

කාලය දිගු වීම නිසා ඉතිහාසයේ පාරිශුද්ධත්වයට පත්වීමට ඔවුන්ට හැකි වූ බව ජවිපෙ නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.

94 පරාජය කළ එජාපය 2015 නව වෙස් ගැන්වීමකින් වේදිකාවට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය සහ වංචා දූෂණ පිළිබඳ කතා කළ බවත් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද 2015 මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලනිප ආණ්ඩුව පරාජයට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ විරෝධී ප්‍රමුඛ බලවේගයක් ලෙස ක්‍රියා කළේය. 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් ජවිපෙ ඍජුවම වැඩ කළේය.

2005 දී මහින්ද රාජපක්ෂට සහාය ලබා දුන් අතර 1994 චන්ද්‍රිකා සමග ගිවිසුම්ගත වී ජනාධිපතිවරණයෙන් ජවිපෙ අපේක්ෂකයා ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස