වැඩ කරන රටක් සඳහා පත් කළ ඇමති මණ්ඩලය මෙන්න!

November 22, 2019 at 1:24 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (22) දින පත් කළ කැබිනට් මණ්ඩලයට අගමැතිවරයා නොමැතිව කැබිනට් ඇමතිවරු 15කින් සමන්විතය.

ජනාධිපතිවරයා සමග මෙම ඇමති මණ්ඩලය ඉදිරි දින 100ක පමණ කාලය තුළ රට පාලනය කරනු ඇත.

අනතුරුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබුණු පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වනු ඇත.

ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අගමැති ඇතුළු ඇමති පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙසේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස