ලබන අවුරුද්දෙත් මගේ පින්තූරේ ඉස්කෝල පොතේ දානවා! ඒකට අමතර සතයක් යන්නේ නෑ! – අකිල

June 27, 2019 at 10:15 am | by emanisa.lk

පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා පණිවුඩය ඇතුළත් කිරීම අඛණ්ඩව සිදුවන්නක් බවත්, ඒ සඳහා අමතර මුදලක් වැය නොවන නිසා ලබන වසරේ ලබාදෙන පෙළපොත්වලටත් ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කිරීම නිසා රුපියල් කෝටි දහසයක මුදලක් අමතරව වැය වී තිබෙන බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කිරීම නිසා මූල්‍ය පාඩුවක් සිදු වූ බවට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අධ්‍යාපන නිලධාරියෙකු ප්‍රකශ කළ බවට සමහර මාධ්‍ය වාර්තා කර තිබුණද, අදාළ නිලධාරියා එවැන්නක් ප්‍රකාශ නොකළ බවට දිවුරුම් ප්‍රකාශයකින් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් කර තිබෙන බවද අධ්‍යාපන ඇමතිවරයා පවසයි.

එසේම අදාළ විමර්ශන කොමිසමට ජූලි 01 වැනිදා හෝ 08 වැනිදා යන දින දෙකෙන් කැමති දිනයක පැමිණෙන ලෙස දන්වා තිබෙන බවත්, ඒ අනුව දින දෙකෙන් කුමන හෝ දිනයක ගොස් ප්‍රකාශ ලබාදෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස