රූපවාහිනිය නරඹමින් නිදහසේ සිටි සිරකරුවෝ මරණ දඬුවම් පුවතින් සිහිසුන්ව ඇද වැටෙති!

June 27, 2019 at 1:53 pm | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි තැති ගැන්මකට ලක්වී සිටි බව එම බන්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේය.

සී 3 සිර වාට්ටුවේ සිටි මරණීය දඬුවම නියම වූ සිරකරුවන් 84 දෙනෙකු පසුගියදා බූස්ස හා වටරැක බන්ධනාගාර වෙත හදිස්සියේ මාරුකර යැවූ අතර සී 3 වාට්ටුව හදිසි අලුත් වැඩියාවකට ලක්කර තීන්ත පිරියම් කිරීමද, එල්ලුම් ගහ පරීක්ෂා කිරීමද සිදුවෙමින් පැවැතීම පිළිබඳව සිරකරුවෝ කුකුසෙන් පෙලෙන්නට වූහ.

මෙම සිරගෙය තුළ කුමක් හෝ සිදුවන බවට සැකහැර දැන සිටි සිරකරුවන්ට අද (26) ලද පුවත අදහගත නොහැකි විය.

ඒ සමඟම 200 ක් පමණ මරණ දඬුවම නියම වූ සිරකරුවෝ දැඩි බියකින් පෙලෙන්නටත්, බලාගත් අත බලා සිටින්නටත් පෙළඹුණු බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රූපවාහිනි නරඹමින් නිදහසේ ගත කළ මරණ දඬුවම් නියමවූ සිරකරුවන්ගෙන් ඇතැමෙක් සිහි නැතුව ඇද වැටුණු බවද බන්ධනාගාර ප්‍රකාශකයෙකු පැවැසීය.

මේ වන විට සී වාට්ටුවේ සිරමැදිරි 26ක්ම හිස් කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස