රූපවාහිනියේ යූඇන්පි සමුළුව පෙන්නූ ඉනෝකාට එරෙහිව පරීක්ෂණයක්! – පරීක්ෂණය ජනපතිගේ ආරක්ෂක අමාත්‍යංශයෙන්..

October 15, 2019 at 11:16 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීම පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත පරීක්ෂණය පැවැත්වෙයි. සජීවී විකාශයට අවසර ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ විමසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්නට ඊයේ (14 වැනිදා) දින ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය වූයේ පසුගිය තුන්වැනිදාය. එය සිදු වූ ආකාරය සොයා බැලීමට පසුගිය සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින් රූපවාහිනී සංස්ථාවට පැමිණ මූලික විමර්ශනයක් සිදුකර ඇත. නිලධාරින් සංස්ථා සේවකයන්ගෙන් සාක්ෂි ද සටහන් කරගෙන තිබේ.

සමුළුව විකාශය වන අවස්ථාවේ රූපවාහිනී සංස්ථාවට පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් සජීවී විකාශය අත්හිටුවන ලෙසට නියෝග කරන ලදී.

රූපවාහිනි සංස්ථාවේ සභාපතිනිය සජිත් ප්‍රේමදාසගේ කොළඹ මැතිවරණ කාර්යාලයට යාමේ සිද්ධියක් ද පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස