මේ වන විට පිපිරීම් මාලාවෙන් 24 දෙනෙක් මිය ගිය බව තහවුරුයි!

April 21, 2019 at 10:40 am | by admin

අද උදෑසන සිදු වූ පිපිරීම් මාලාවෙන් මිය ගිය 24 දෙනෙකුගේ මළ සිරුරු ජාතික රෝහලට ලැබී ඇතැයි වාර්තා වෙයි.

මිගමුව කටුවපිටිය දේවස්ථානය, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, ෂැංගිලා හෝටලය, සිනමා ග්‍රෑන්ඩ් හෝටලය සහ මඩකලපුව දේවස්ථානය ඇතුළු ස්ථාන 6ක අද උදෑසන මෙම පිපිරීම් සිදුවිය.

මෙවැනි ප්‍රහාර මාලාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ දස වසරකට පසුය. 2009 වසරේ කොටි ත්‍රස්තවාදය අවසන් කළ පසු මෙවැනි ප්‍රහාර සිදු වූයේ නැත. තුවාලකරුවන් ඇම්බියුලන්ස් මගින් රෝහල්වෙත රැගෙන යන සජීවී දර්ශන රූපවාහිනී නාළිකාවලින් ප්‍රචාරය වන්නේ ද දස වසරකට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *