රිෂාඩ්ට ගෙදර නොගියොත් කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට! රිෂාඩ් රකින ආණ්ඩුවේ වැඩ නිසා කතෝලික මන්ත්‍රීවරු මර උගුලක!

May 26, 2019 at 10:32 am | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩු පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එකඟ විය නොහැකි බවත් ඊට එරෙහිව ක්‍රියාකරන ලෙසත් කතෝලික ආගමික නායකයන් විසින් කතෝලික දේශපාලනඥයන් හමුවේ කියා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙතෙක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය අනුව තම ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කතෝලික මැති ඇමැතිවරු තම දේශපාලන ප්‍රධානීන්ට දන්වා තිබේ.

කතෝලික ආගමික නායකයන් විසින් අදාළ දේශපාලන නායකයන්ට පාස්කු ප්‍රහාරය හෙළා දකින ලෙස සහ එම ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව ක්‍රියාකරන සමහර ක්‍රියා කලාපයන‍ෙවලට එරෙහිව පියවර ගන්නා ලෙස සිදුකරන දැනුම්දීම නිසා අදාළ දේශපාලනඥයන් මෙම තීරණය ගැනීම සඳහා බෙහෙවින් බලපා තිබේ.

ආණ්ඩුවේ සිටින ඇතැම් කතෝලික දේශපාලනඥයන්ට පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වනතෙක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය නිසා තම ගම්මානවල ජනතාව මුණගැසීමට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීනට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ආණ්ඩුව තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ අතර එම තේරීම් කාරක සභාවට පත් කෙරුණු කතෝලික බැතිමතෙකු වන කාවින්ද ජයවර්ධන එම තේරීම් කාරක සභාවෙන් මේ වන විට ඉල්ලා අස්වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස