රනිල්-සජිත් හංසයාට එකඟ වී පැයෙන් රනිල් යළිත් අර්බුදයක් තනයි!

March 8, 2020 at 1:20 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හා සජිත් ‌ප්‍රේමදාස අතර එකඟතාවක් ඇතිවී තිබේ.

ඒ ඊ‌යේ (07) රාතියේදී කරු ජයසූරියගේ නිවෙසේ ‌දෙපාර්ශවයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදීය.

මෙම සාකච්ජාවට කරු ජයසූරිය, රාජිත ‌සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න සහ ෂාමිලා ‌පෙරේරා ද සහභාගී වී සිටි බව වාර්තා ‌වෙයි.

මෙහිදී සජිත් ‌ප්‍රේමදාසගේ නව සන්ධානයට ‘හංසයා’ ලකුණ ලබා දීමට එකගතාව පළවී තිබේ.

කෙසේවෙතත් ‌රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රශ්නය විසඳී පැයක් තුළ පක්ෂ ව්‍යවස්ථාව මුල්කරගෙන වගන්ති 6ක් පිළිබඳව දැනුම් ‌දෙමින් කරු ජයසූරිය වෙත ලිපියක් ‌යොමු කර ඇති අතර ඒ ‌හේතුවෙන් ‌නැවතත් අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

මේ තත්ත්වය යටතේ තව දුරටත් ‌දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇති කර ගැනීම සදහා සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ‌හෙට (09) දිනයට ප්‍රථම ‌මෙම ගැටලුව විසඳා ගැනීමට ‌නොහැකි වුවහොත් ‌දෙපාර්ශ්වයට ‌‌වෙනවෙනම තරග කිරීමට සිදුවනු ඇති බවද වාර්තා ‌වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස