අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ රනිල් වික්රමසිංහ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයෙන් අද (20) නික්ම ගියේය.
සිය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු කර රාත්රී සිය පෞද්ගලික නිවසට යාමට පුරුදු වී සිටි රනිල් වික්රමසිංහ දින 52 ආණ්ඩුව සමයේ අරලියගහ මැදුරෙන් බැහැර නොවී රාත්රීය ද එහි ගත කළේය.
ශ්රී ලංකාවේ පස් වතාවක් අගමැති ධුරයට පත් වූ රනිල් වික්රමසිංහ ඒ් අවස්ථා කිහිපයකම අලුත් ආණ්ඩු පිහිටුවා අගමැති ධුරයට පත්වුවද ඒ් කිසිදු අවස්ථාවක ඔහුට සම්පූර්ණ නිල කාලය පුරා ධුරයේ කටයුතු කිරීමට ඉඩ නොලැබීම විශේෂත්වයකි.