රතන හිමි හැමදාම රට විනාශ කළා! රටේ ලොකුම විෂබීජය තමයි රතන හිමි! – අසාද් සාලි

July 1, 2019 at 10:01 pm | by emanisa.lk

රට තුළ ඇති විශාලම විෂබීජය අතුරලියේ රතන හිමි බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි. රතන හිමි දැන් ජාතික නායකයෙක් බවට පත්ව ඇති බවත් උතුරේ ජනතාවට මෙන්ම නැඟෙනහිර ජනතාවට ද විසඳුම් ලබා දෙන්නේ රතන හිමි බවත් ඔහු පවසයි.

රතන හිමි සෑම අවස්ථාවකම රට විනාශ කළ බවත් ස්වාමීන් වහන්සේලා ද එය පවසන බවත් හෙතෙම පවසයි. තවත් දින 10කින් තමන් ගන්නා පියවර මෙන්ම රතන හිමි සිටින්නේ කොතනද යන්න ද සැමට වැටහෙනු ඇතැයි අසාද් සාලී වැඩි දුරටත් පැවසුවේය.

අද(01) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස