අන්තවාදීන්ට එරෙහි සටනට සහයෝගය පිණිස කාදිනල්තුමා රතන හිමි බැහැ දකින්නට පැමිණෙයි!

June 3, 2019 at 9:51 am | by admin

ඇමති රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරයන් වන අසාද් සාලි සහ එම්.එල්.එම්. හිස්බුල්ලා ධුරවලින් පහ කරන ලෙස ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමි මහනුවර දළදා මාළිගාව අබියස ආරම්භ කළ උපවාසයට අදට (03) දින හතරකි.

පසුගිය දින කිහිපය පුරාම එහිමියන් මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට සහයෝගය පළ කරමින් දේශපාලන නායකයන් මෙන්ම ගිහි පැවිදි විශාල ජනකායක් නුවරට පැමිණි අද උදෑසන මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා ද එහි පැමිණියේය.

මුස්ලිම් අන්තවාදය පිළිබඳ ගැටළු ජනතාව අතට ගැනීමට පෙර වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි අගරද ගුරුතුමා මෙයට පෙර අනතුරු ඇඟවූයේය.

ඊයේ දින කටුවාපිටිය කතෝලික ජනතාව ද එහි පැමිණි අතර කතෝලික පුද්ගලයෙකු ද රතන හිමිට සහය පළ කරමින් උපවාසයට එකතු විය.

කෙසේ වුවද ඊයේ එහි පැමිණි ශ්‍රීලනිප සංවිධායක දුමින්ද දිසානායකට ජනතාවගේ විරෝධය එල්ල වීම නිසා පොලිස් ආරක්ෂාව පිට ස්ථානයෙන් පිටව යාමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස