රණවිරුවන් දඩයම් කළ CID අධ්‍යක්ෂ ශානි රකින්න සුමන්දිරන් පෙරට!

November 23, 2019 at 1:45 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල පොලිස් කොට්ඨාශය වෙත මාරු කර ඇත්තේ දේශපාලන බලපෑම් මත යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්දිරන් පවසයි.

ශානි අබේසේකර මානව හිමිකම් කඩවීම් සම්බන්ධ සිද්ධීන් ගණනාවක් පිළිබඳ පර්යේෂණ මෙහෙයවමින් සිටි බව පෙන්වා දෙන සුමන්දිරන් වැඩ බලන පොලිස්පතිවරයා ඔහු මාරු කර යැවීමට බලපෑම් කළේ මන්දැයි සහ ජාතික පොලිස් කොමිසමෙන් ඇති ප්‍රයෝජනය කුමක් දැයි ප්‍රශ්න කරයි.

කෙසේ වුවද මෙම ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසම විසින් ලබා දී ඇති අතර ඒ සඳහා පොලිස්පතිවරයා බලපෑම් කළ බවක් වාර්තා වන්නේ නැත.

ශානි අබේසේකර පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට පසුගිය රජය සමයේ පොලිස් මූලස්ථානයට පැමිණිලි ගණනාවක් යොමු කළ ද ඒ කිසිවක් විභාග වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස