රට පුරාම ඝාතන රැල්ලක්! පොලුවලින් ගහලා මරනවා! සියදිවි නසාගන්නවා! ඔක්කොම ජනාධිපති කාර්ය සාධක බලකාය නිසයි! – ජවිපෙ

June 17, 2020 at 1:17 pm | by emanisa.lk

රට තුළ විනය හැදීමට යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළ පසු එක පිට එක ඝාතන සිදු වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ අදාල ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් කර දින දහයක් ඇතුළත ජනතා විරෝධතාවන්ට අමානුෂික ලෙස පහර දුන් බවයි.

එම කාර්ය සාධක බළකාය පිහිටුවා දින කිහිපයක් ඇතුළත ත්‍රී රෝද රථ සංගම් සභාපති වරයාට පොලුවලින් පහර දී මරා දමා ඇති බවත්, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහල නිලධාරියෙක් නිදහස් චතුරශ්‍රයේදී සියදිවි නසාගෙන ඇති බවත් ඔහු පැවසීය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස