යාපනේ කොවිල් බිමක් ඇතුළු විශාල භූමියක් වෙනත් පිරිසකට දුන්නේ යැයි ජනතාව විරෝධය පාති!

June 25, 2019 at 3:22 pm | by emanisa.lk

යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ගෙන ඇතැයි කියමින් එයට විරෝධය පා දෙමළ වැසියන් පිරිසක් ඊයේ (24) දින විරෝධතාවක නිරත වූහ.

විරෝධතාව පැවති ස්ථානයට ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් සහ නාවන්තුරේ ග්‍රාම නිලධාරීවරයා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කොට තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මෞලවිවරයෙකු එම මුළු භූමියම අයත් වන්නේ මුස්ලිම් වැසියන්ට බවත් එම ඉඩම් සියල්ලම රජය විසින් බලපත්‍ර මගින් ඔවුන් වෙත ලබා දී ඇති බව ප්‍රකාශ කිරීමත් සමගම යළිත් විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

එහිදී ගම්වාසීන් විසින් එම ඉඩම් මුස්ලිම් වැසියන්ට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හා ග්‍රාම නිලධාරීවරයාට විරෝධය පෑ අතර එහිදී අදාළ ඉඩම් සඳහා මුස්ලිම් වැසියන්ට ලබා දී ඇතැයි කියන බලපත්‍රද රැගෙන ලබන 26 වෙනිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස මුස්ලිම් වැසියන්ට දැනුම් දී ඇති අතර එදිනට නාවන්තුරේ ග්‍රාම සංවර්ධන සමිතිය ඇතුළු ප්‍රධාන සමිති කීහිපයක නිලධාරීන්ටද පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස