නැඟෙනහිර බහුතර ඉඩම් වගේම ගුරු පත්වීම් 70%ක් මුස්ලිම් ජනතාවට දීලා! බහුතර දෙමළ ජනතාවත් සුළුතර සිංහල ජනතාවත් නොසකලා හැරලා! – අතුරලියේ රතන හිමි

June 18, 2019 at 7:26 am | by emanisa.lk

උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම මුස්‌ලිම් දේශපාලනඥයින්ට බලය තිබූ තැන්වල සියලුම රැකියා සඳහා යොදවා සිටින්නේ මුස්‌ලිම් ජාතිකයින් බවත් සියලු උසස්‌ වීම් ලබා දී ඇත්තේ ඔවුන්ට පමණක්‌ බවත් අතුරලියේ රතන හිමි පැවසීය.

නැගෙනහිර පළාතේ දෙමළ ළමයින් ඉගෙන ගන්නා බොහෝ පාසල්වල විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ගෙන් විශාල පිරිසක්‌ මුස්‌ලිම් ජාතිකයින් බව පැවසූ උන්වහන්සේ සියයට හැත්තෑවක්‌ම ගුරුපත්වීම ලබා දී ඇත්තේ මුස්‌ලිම් ජාතිකයින්ට බවද කියා සිටියහ.

එම පළාත්වල ඉඩම් ලබාදීමේදීද මුස්‌ලිම් ජනතාවට වැඩි වශයෙන් වාසි ලැබෙන ආකාරයට ඉඩම් බෙදා දීමක්‌ සිදුව ඇතැයි කී රතන හිමියෝ ඉදිරියටත් මෙවැනි තත්ත්වයක්‌ පැවතියහොත් මුළු රටටම විනාශයක්‌ සිදුවන බවද පෙන්වා දුන්නේය.

මේ නිසා සිංහල හා දෙමළ ජනතාව එකතු වී මුස්‌ලිම් අන්තවාදී ත්‍රස්‌තවාදය පරාජය කරන අතරතුර ජාතිවාදී මුස්‌ලිම් දේශපාලනඥයින් මේ රටේ බලයට පත් වීමද වැළැක්‌විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියෝ යාපනයේදී පැවසූහ.

නැඟෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව 37%ක් පමණ ජීවත් වන අතර දෙමළ ජනතාව 40%ක් සහ සිංහල ජනතාව 23%ක් ජීවත් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස