මේ රටේ සංස්කෘතියට ගරු කරන්න! නත්තල ආගමික උත්සවයක්! සියලු සුරාසැල් වසන්න! – අගරදගුරු ඉල්ලීමට ආණ්ඩුව හිස නමයි…

December 20, 2019 at 2:52 pm | by emanisa.lk

නත්තල හේතුවෙන් එළැඹෙන 25 දා දිනයේදී දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙයට පෙර නත්තල් දා සුරාසැල් විවෘත කර තබන බව වාර්තා වූ අතර මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා ඊට ඊයේ (19) සිය කනගාටුව ප්‍රකාශ කළේය.

“අ​පේ රටේ සෑම ආගමික උත්සවයකදීම සුරාසල් වසා තිබීම සාමාන්‍ය දෙයක් වුණත් මෙවර නත්තල් දවසේ මත්පැන් අලෙවිසල් විවෘත කොට තියන්න රජය තීරණය කරලා තියෙනවා. මේ හරහා සමාජයට වැරදි අදහසක් එන්න පුළුවන් නත්තල මත්පැන් බීම සඳහා තියෙන උත්සවයක් කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස