එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පිරිස කොටි සංවිධානය විසින් මරා දැමූ නිසා නායකත්වයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය සාර්ථක නොවූ බව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විල්සන් ඩයස් පවසයි.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වය රටේ ජනතාව පිළිනොගත් බවත් පක්ෂයට මෙම ඉරණම අත් වූයේ ඒ නිසා බවත් ඔහු සඳහන් කරයි.
එහෙයින් මෙම යථාර්ථය පිළිගෙන රනිල් වික්‍රමසිංහ දැන්වත් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට භාරදිය යුතු බව ඔහු අවධාරණය කරයි.
හිටපු එජාප මන්ත්‍රී චන්ද්‍රා ගන්කන්ද මහතාගේ නිවසේ පැවති හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.