මුස්ලිම් පිරිමි කාන්තාවන්ගේ කොන්ඩේ වහන්නේ බලහත්කාරයෙන්! මුස්ලිම් කාන්තාවෝ බුර්කා අඳින්නේ කොන්ඩේ වහන්නේ කොන් වෙන හින්දා!

May 5, 2019 at 7:32 am | by admin

බුර්කාවට අපේ අයියලා බිරුවට බොහෝ මුස්ලිම් ගෑණු බුර්කාව අඳින්නේ කැමැත්තෙන් නොවෙයි.

මගේ මුස්ලිම් යාලුවෙක් කිව්වා මූණ සහ කොණ්ඩය පෙන්නගෙන ඉන්න ගෑණු ගණිකාවෝ කියලා නිතරම පල්ලියෙන් දේශනා කරන නිසා ගෑණු බුර්කා දාගන්නවා කියලා.

වරක් මම දන්න ලිබරල් මුස්ලිම් විනිසුරුවරයෙක් ඔහුගේ දියණියගේ පින්තූරයක් ෆේස් බුක් එකේ දැම්මම රෝයල්, සෙන්ට් තෝමස් පාසල් ගිය එංගලන්තයේ ඇමරිකාවේ උපාධි නිම කල මුස්ලිම් තරුණ කොටස් ඇයි සර් දුව කොණ්ඩය ආවරණය කර ගෙන නැත්තේ කියලා කොමෙන්ට් දාලා තිබ්බා. රෝයල්, සෙන්ට් තෝමස් පාසල් ගිය එංගලන්තයේ ඇමරිකාවේ උපාධි නිම කල අයත් එහෙම නම් කාත්තන්කුඩියේ නූගත් ජලාල්දීන්ලාගේ ගේ මට්ටම තේරුම් ගත හැකියි නේද​.

මුහුණ හිසකේ ආවරණය නොකරන කාන්තාව මුස්ලිම් සමාජයෙන් බොහෝ විට කොන් කරනවා , ගර්භාවට ලක් කෙරෙනවා. මේ තත්වය තුල මුස්ලිම් ගෑණුන් ගේ බුර්කා බලෙන් ගලවන්න හදන එවුන් ඒක ආකල්පමය වෙනසක් හරහා කරන්න බලන්න. බලහත්කාරය මීට පිලිතුරක් නොවේ.

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස