මහ රහතුන් වැඩසිටි කුරගල සුරක්ෂිතයි! නැවතත් බෞද්ධ කොඩි ලෙළදෙයි! පොලිස් ආරක්ෂාවත් ලැබෙයි!

November 28, 2019 at 10:56 pm | by emanisa.lk

මුස්ලිම් අන්තවාදීන් විසින් ග්‍රහණයට ගෙන පැවති කුරගල බෞද්ධ විහාර භූමියට නැවතත් පොලිස් ආරක්ෂාව ලැබී ඇති බව වාර්තා වෙයි.

එසේම නැවතත් එම බෞද්ධ පුරාවිද්‍යා භූමියේ බෞද්ධ කොඩි අහසට එස වී ඇති අතර පුරාවිද්‍යා ස්මාරකවල ආරක්ෂාව තහවුරු කර තිබේ.

පසුගිය සමයේ මෙම බෞද්ධ පුරාවිද්‍යා භූමිය මුස්ලිම් කණ්ඩායම් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි අතර බෞද්ධ පුරාවස්තු විනාශ කරමින් එහි බෞද්ධ පරිසරය විනාශ වන ආකාරයේ අරාබි ඉදිකිරීම් සිදුකර තිබිණි.

පුරාවිද්‍යා භූමිවල එවැනි ඉදිකිරීම් තහනම් වුවද ඊට එරෙහිව කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ එම ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කර නොතිබිණි.

මෙම පුදබිම පුරාණයේ මහ රහතුන් වහන්සේලා වැඩසිටි මහා බෞද්ධ විහාරයක් බව තහවුරු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස