මහින්දගේ උපන් දිනයට ගෝඨාගෙන් ලැබෙන සුවිශේෂ තෑග්ග!

September 19, 2019 at 11:35 am | by emanisa.lk

ජනපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වේගවත් කිරීමට තීන්දු කිහිපයක් ගෙන තිබේ.

මේ වන විට සිය සංවිධාන කටයුතු මන්දගාමී දිස්ත්‍රික් කිහිපයක් සඳහා නව නායකයන් ද පත්කර තිබේ. ඒ සිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහාය.

මේ අතර ගෝඨාභය එලෙසින් නොවැම්බර් 16 දා ජනපතිවරණයට ඉදිරිපත් වන අතර පොදුජන පෙරමුණේ නායක හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීම සුවිශේෂය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස ඔහු දිවුරුම් දෙන්නේ සිය වැඩිමහල් සහෝදරයාගේ උපන්දිනය යෙදෙන දින වීමට ඉඩකඩ වැඩිය.

මෙය ගෝඨාභය රාජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබා දෙන සුවිශේෂී උපන් දින තෑග්ගක් වනු ඇති බවට සමාජජාලා මාධ්‍යයන්හි දැඩි කතා බහකට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස